මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නිශ්චිතව තබා ගත යුතු බවත් ආයෝජන ආකර්ෂණය කරගත යුතු බවත් පෙන්වාදෙයි. ආර්ථික වර්ධනය කෘත්‍රීමව ඇතිවුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය.
මේ වසරේදී ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව තිබෙන ණය නැවත ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.9කි. ඊට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලීය වන රුපියල් මිලියන 600ක් ද අයත් වේ. ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන 2.5ක් සහ දේශීය වශයෙන් ගෙවිය යුතු ණය රුපියල් බිලියන 380ක් ද ඊට අයත් වේ.
055
මහ බැංකුව මේ වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි
Recommended Articles