මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට


(රංජන් කස්තුරි)

එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් 2017‘ සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගත වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් ඇති කරගෙන තිබේ.

මහජන බැංකුවේ වත්කම් ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 1.4ක් වන අතර රටපුරා ශාඛා 735ක් පමණ ක්‍රියාත්මක වේ.

ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර 3125කට අධික ප්‍රමාණයක් තිබෙන අතර ගනුදෙනුකරුවන් ලක්ෂ 160ක් පමණ මේ විට සම්බන්ධ වී සිටින බව එම බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

සෑම වයස් කාණ්ඩවලට සහ විවිධ ක්ෂේත්‍රයන්හී නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි ගිණුම් ක්‍රියාත්මක කරයි.