මහබෙරි තැන්න ගුවන්තොටට කොළ එළියක්
කෝවිද ගුණසේකර
මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ගුවන්තොටුපළේ කටයුතු වහා අරඹන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බළධාරීන් හට උපදෙස් දුන්නේය.
රාජපක්ෂ මහතා මෙසේ උපදෙස් ලබාදුන්නේ ගුවන්තොටුපොළ ඉදිකිරීමට වෙන්කර ඇති තෙල්දෙණිය මහඛෙරිතැන්න ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදීය.ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී පරිසරයට අවම හානියක් සිදුවන බවටද වගබලාගත යුතුයැයිද ජනපතිවරයා පැවැසීය.
මහනුවර නගරය කේන්ද්‍රකරගෙන සංචාරක වැඩසටහන් ප්‍රවර්ධනය සදහා මෙසේ ගුවන්තොටුපොළක් ඉදි කිරීමට සැළැසුම් කර ඇත.
Recommended Articles