මහාමාර්ග හතරක කොන්ත්‍රාත්තුවක් කියං නෑම් සමාගමට


දකුණු කොරියාවේ කියැං නෑම් සමාගම ශ්‍රී ලංකාවේ මහා මාර්ග හතරක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් දිනාගෙන ඇත.

එහි වටිනාකම ඩොලර් හාරකෝටි තින් නව ලක්ෂය (රුපියල් 5,619,200,000)කි.

කටුගස්තොට අලවතුගොඩ හා පලාපත්වල සම්බන්ධ කරන මාර්ගද දකුණු කොළඹ මැලිබන් හන්දියේ සිට කුරුස හංදිය දක්වා කිලෝමීටර 15ක් ද සංවර්ධනය සඳහා එම කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත.

ලෝක බැංකුව හා සංවර්ධන සඳහා වන සෞදි අරමුදල ආධාර සපයයි.

වැඩ ඇරැඹීමට පෙර සියයට 16ක ගාස්තුවක් එම සමාගමට ගෙවීමට නියමිතය.

කිලෝමීටර 45කට ආසන්න එම ව්‍යාපෘතිය අවසන් කිරීමට වසරක් පමණ ගතවේ.

1978 සිට මෙම සමාගම ශ්‍රී ලංකාවේ යටිතල ව්‍යාපෘති 45ක් පමණ නිම කර ඇත.

සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔවුන් මීළඟ සැලැස්ම වියට්නාමය, ඇල්ජීරියාව, ඉතියෝපියාව හා මැදපෙරදිග කොන්ත්‍රාත් දිනා ගැනීම බව එහි ප්‍රකාශකයෙක් කියයි.