මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක් අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක් විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.
පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස් එක් ලක්‌ෂයක් අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.
විදෙස් වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 130 ක් පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.