මාළුටික යුරෝපයට විකුණ ගන්න රාජිත වෑයම් කරයි


එළැඹෙන වසරේ සිට ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදන ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා සාකච්ඡා කර එම තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

නීතිවිරෝධී, අනවසර, නියමිත පටිපාටියෙන් බැහැර මසුන් මැරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වී ඇති නිසාවෙන් ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදනයන් ආනයනය කිරීම එළැඹෙන වසරේ සිට තහනම් කරන බව යුරෝපා සංගමය පසුගියදා නිවේදනය කළේය.

තහනම ලබන ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වනු ඇත.

යුරෝපයට මසුන් ආශ්‍රීත නිශ්පාදනයන් අපනයනය කරන්නන් අතරින් විශාලත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව යුරෝපයට කරන ලද මත්ස්‍ය නිශ්පාදන අපනයනයන්ගෙන් පසුගිය වසරේ උපයාගෙන ඇති මුදල ඩොලර් ලක්ෂ 940 කි.