මාළුවා රට සල්ලි අදී


මත්ස්‍ය අපනයනයෙන් මේ වසරේ පළමු මාස 5ක කාලය තුළ ලද ආදායම රුපියල් මිලියන 11,088ක් යැයි ද එය 2015ට වසරට වඩා සියයට 6.4ක වැඩිවීමක් යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 21 වැනිදා සිට අගෝස්තු මස 14 දක්වා  කාලය තුළ ද  මසුන් ටොන් 600ක් යුරෝපා රටවලට අපනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 

මෙම වසරේ ජනවාරි මස සිට අගොස්තු මාසය දක්වා කාලය තුළ යුරෝපා සංගමය අයත් රටවලට මෙන්ම සෙසු රටවලට ද මත්ස්‍ය ටොන් 7490ක් අපනයනය කරන ලදැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි.