මැණිකට කටුනායකින් කාර්යාලයක්


රන් හා මැණික් ආනයන, අපනයනකරුවන්ගේ පහසුව සඳහා විශේෂ කාර්යාලයක් මෙම සතියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී විවෘත වීමට නියමිතය. ශ්‍රී ලංකා රේගුව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහයෝගීත්වයෙන් මෙහි කටයුතු සිදුකෙරෙනු ඇත. මැණික් හා ස්වර්ණාභරණ ආනයන, අපනයනයේදී වෙළඳුන් මුහුණපාන ගැටලු, ඉක්මණින් නිරාකරණය කරදී ඔවුන් තවදුරටත් දිරි ගැන්වීම මෙම කාර්යාලය ඇති කිරීමේ අරමුණ වේ.