(විනීතා එම් ගමගේ)
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත.
එම අධිකාරියේ හිටපු සභාපති කිත්සිරි දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුවට ජයරත්න මහතා පත්කරනු ලැබ ඇත.
මැණික් අපනයනයේ දී අය කෙරෙන සියයට දශම 5 ක සේවා ගාස්තුව වෙනුවට නව බද්දක් හන්ඳුවා දීමට අධිකාරිය කටයුතු කළ අවස්ථාවේ, මැණික් අපනයනකරුවන් ගේ සංගමය ජනාධිපතිවරයා හමුවී නව බද්දෙන් අපනයනකරුවන්ට මතුවන ගැටළු පෙන්වා දී තිබේ.
මෙම නව බද්ද හඳුන්වා දී ඇත්තේ අධිකාරිය අයත් වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පවා දැනුම් දීමකින් තොරව යැයි ද වාර්තාවේ.
මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට සහ එහි අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එහි සභාපති කිත්සිරි දිසානායක මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ඉල්ලා අස් වී ඇති අතර පේෂල ජයරත්න මහතා පත් කර ඇත්තේ සභාපති තනතුර වෙනුවෙනි.