මැද පෙරදිග රට සල්ලි උල්පත හීන්වෙයි


මැදපෙරදිග පවත්නා මූල්‍ය අස්ථාවර භාවයත් දේශපාලන කැළඹිලිත් නිසා මේ වසරේදී එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන රට සල්ලි ප්‍රමාණය අඩුවිය හැකි බව විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.

බොරතෙල් මිල පහළ වැටීමත් එම කලාපයේ දේශපාලන උණුසුමත් නිසා මැදපෙරදිගින් ලැබෙන රට සල්ලි පහත වැටිය හැකි බව ඔහු කියයි. ගිය වසරේ මැද පෙරදිගින් ඇමරිකා ඩොලර් කෝටි 700ක් (ශ්‍රී ලංකා රුපියල් 100672) ශ්‍රී ලංකාවට ලැබිණි. එය ඊට පෙර වසරට වඩා 10%ක වැඩිවීමකි.

එහෙත් 2015 නොවැම්බර් වන විට එරටින් ගලා ආ රට සල්ලි ප්‍රමාණය 0.8%ක් විය. මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආනයන ඍජු විදේශ ආයෝජන හා රට සල්ලි ගලා ඒම මන්දගාමී විය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ කියති.