ලබන වසරේ ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වීමට නියමිත එක්ස් ෆෝ 2015 ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම හා ඒ ආශ්‍රිත සියලු වැඩකටයුතු සම්පාදනය කිරීම ව්‍යාපාරික හියුබට් ජයකොඩි මහතාට පවරා ඇති බව වෙළද හා වාණිජ අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා එසැණට පැවසිය.
ලෝකයේ නොයෙක් වෙළද ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහභාගී වී හොද අත්දැකීමක් ඇති ජයකොඩි මහතාට ඇති බැවින් මිලානෝ එක්ස් ෆෝ වැඩසටහනද ඔහුට බාරදුන් බව ලේකම්වරයා පැවසුහ.
මෙතුවක් කල් ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් ඉදිරිපත් ජයකොඩි මහතා රටට ගෙනා ප්‍රතිලාභ කවරේදැයි එසැණ කල විමසුමට වෙළද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ සොයා බලා ඉදිරියේදී ඒ පිලිබදව පවසන බවයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා කියනුයේ ජයකොඩි මහතා මිලානෝ එක්ස් ෆෝ වෙළද ප්‍රවර්ධන වැඩසටහන මගින් කරන සියලු කටයුතු රෝම තානාපති කාර්යාලයේ අනුදැනුම මත කළ යුතු බවයි.