(චතුර එස් .කොඩිකාර)
ඕනෑම තැපැල් කාර්යාලයකින් යවන මුදල් ඇනවුමක් එම මුදල් ඇනවුම ලබාගන්නා අයට සම්පත් බැංකුවේ ටෙලර් මැෂින් හරහා පැය 24 පුරා , දින 365 හේ දීම ලබාගැනීමේ අවස්ථාව සලසමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්පත් බැංකුව එක්ව " E - Pay Mobile Cash " සේවාව ආරම්භ කිරීම තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.එ.හලීමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි.
ලංකාව පුරා ඇති තැපැල් කාර්යාල මගින් යවන මුදල් ඇනවුම යවන අවස්ථාවෙදී එම මුදල් ඇනවුම ලබාගන්නා අයගේ දුරකථන අංකය සඳහන් කළයුතු අතර එයට කෙටි පණිවිඩයක් මගින් ලැබෙන රහස්‍ය අංකය සම්පත් බැංකුවේ ටෙලර් යන්ත්‍රයට ඇතුළු කිරීමේන් මෙම මුදල් ඉතා පහසුවෙන් ලබා ගැනීමට කටයුතු සලසා ඇත.
මෙම අවස්ථාවට තැපැල්පති ඩි.එල්.පී.ආර්. අබේරත්න , සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක නන්ද ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම්
Recommended Articles