මුහුදු ආහාර අපනයන ආදායම ඉහළට


(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේ මුල් මාස නවයක කාලයේදී මුහුදු ආහාර අපනයනය කිරීමෙන් ලද ආදායම සියයට 40.4කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එය ඇමෙරිකානු ඩොලර් මිලියන 155.4කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී මුහුදු ආහාර අපනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 110.7ක් වූ අතර එය මේ වසරේ දී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 44.7 කින් ඩොලර් මිලියන 155.4 දක්වා ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ දත්තා වාර්තා සඳහන් කරයි.

එපමණක් නොව මේ වසරේ අගෝස්තු මාසය තුළ පමණක් කළ මුහුදු ආහාර අපනයනවලින් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 18.0 කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ ලද ඩොලර් මිලියන 13.0ක ආදායම හා සැසඳීමේදී සියයට 38.6ක වර්ධනයකි.

යුරෝපා වෙළෙඳපොළ වෙත මුහුදු ආහාර අපනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම මෙලෙස මුහුදු ආහාර අපනයන ආදායම අඛණ්ඩව වර්ධනය වීමට හේතු වී තිබේ.