(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මුල් මාස හයක කාලයේදී මුහුදු ආහාර අපනයන සියයට 40.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
වසර 2016 මුල් මාස හයේ මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ 840ක් වූ අතර එය මේ වසරේ මුල් මාස හයක කාලයේදී රුපියල් ලක්ෂ 1170ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර අඛණ්ඩව සයවැනි මසටත් මේ වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම වැඩි වී තිබේ. පසුගිය වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ 130ක් වූ අතර මේ වසරේ ජූනි මාසයේදී එය රුපියල් ලක්ෂ 150ක් විය.
ඒ අනුව පසුගිය වසරේ ජූනි මාසය හා සැසඳීමේදී මේ වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයනය සියයට 17.4කින් වර්ධනය වී ඇත.
යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදිත අපනයන කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම මෙලෙස මුහුදු ආහාර අපනයන ආදායම වැඩි වීමට හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
මුහුදු ආහාර අපනයනය වැඩිවෙලා
Recommended Articles