මූදු රැල්ලෙන් විදුලිය ලංකාවටත්?


මුහුදු රළ පහරේ බලය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ තාක්ෂණය ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා අමාත්‍යංශය හා අත්වැල් බැදගෙන සිටින්නේ වර්පෝ නම් සමාගමකි.මුහුදු රළ පහරේ බලය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පිළිගත් විශේෂඥයෙකු වන ඊශ‍්‍රායෙලයේ බ්ලැක්බර්ඩ් ඉන්ටර්නැෂනල් සමාගම, වර්පෝ සමාගමේ මව් සමාගම වේ.

බලාගාරය පිහිටුවීමේ කටයුතු වර්පෝ සමාගමේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති අතර මූලික ඉදිකිරීම් වලින් පසු මෙගාවොට් 10 ක විදුලි බල ධාරිතාවක් ශක්තියක්් ඉන් උත්පාදනය කරගැනීමට හැකිවනු ඇතැයි සඳහන්ය.

මුහුදු රළ පහරේ වේගය, විශාලත්වය ආදී කරුණු සැළකිල්ලට ගනිමින් රළ පහරේ ශක්තියෙන් ටර්බයින කි‍්‍රයාත්මක කරවා විදුලි බල ජනනය කිරීම මෙම ක‍්‍රමයේදී සිදුවේ.

මුහුසු රැල්ලෙන් විදුලිය නිපදවීම මිල අධික කාර්යකියි බලශක්ති අංශ කියයි.