(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් අද (21) පහළ වැටිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි.
මේ අනුව ශ්‍රී ලංකා රුපියල අද (21) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. ශ්‍රී ලංකා රුපියල පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා රුපියල මේ වනවිට දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන අතර, මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.
පසුගිය වසරේ දී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී
Recommended Articles