ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ අපනයනයට හා ලංකාවේ ආයෝජනයට ඉඩකඩ සොයා බැලීමට ඉන්දියා ව්‍යාපාරිකයින් 17 දෙනෙකු ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වන බව මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය ලංකාදීප එසැණට පැවසීය.
ඉන්දියා වාණිජ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා වාණිජ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පැමිණෙන ව්‍යාපාරිකයින් සදහා වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතය.
මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියා මාධ්‍ය අමතා පසුගියදා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙනු ඇතැයි තම රජය අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව සමග සිදුකරන ආයෝජන කටයුතු තව තවත් ශක්තිමත් කිරීමට ද තම රජය අපේක්ෂා කරන බව මෝදි මහතා එහිදී පැවසීය.