මොබිටෙල් අභියෝග මැදින් පෙරමුණට
ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් දැඩි තරගකාරී ස්වභාවය හමුවේ සිය ආදායම් වැඩි කරගනිමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව සිටියි. 2012 පළමු මාස නවයේදී මොබිටෙල් ආයතනය පෙර වසරට සාපේක්ෂව සිය ආදායම රුපියල් කෝටි 1820 දක්වා 14%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, මොබිටෙල් ග්‍රාහක පිරිස මෙන්ම මොබිටෙල් පිලිබද පාරිභෝගික අත්දැකීම් ඉහළයාම මෙම ආදායමේ වර්ධනයට හේතුවන බවත් එහි ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා පවසයි.
අභියෝග සහිත වටපිටාවක වුවද පොළී ගෙවුම්, බදු ගෙවුම්, අවප්‍රමාණය වීම්, හිලව් කිරීම් ආදියට පෙර ආදායම සහ පොළී ගෙවුම්, බදු ගෙවුම්, ආදියට පෙර ආදායම ආදී ලාභ පෙන්නුම් කෙරෙන දර්ශක පිළිවෙළින් 20% සහ 30% කින් ඉහළ ගොස් ඇතැයි ඔහු කියයි.
ලලිත් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.
‘2012 ප්‍රථම කාර්තු තුනේ අපගේ ප්‍රගතිය ඉතාම සුවිශේෂියි. අසමසම වර්ධනයකට අවශ්‍ය කෙරෙන වටපිටාව සකස් කරගෙන තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ නියමුවා ලෙස ක්‍රියාකරමින් මෙම වසරේ අපි අපගේ කාර්යයන් සිදුකරන ආකාරය වගේම අපි අප තුළ යම් වෙනසක් ඇතිකර ගැනීමටත් අවධානය යොමු කළා. ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා දකිමින් අපි නව උපාය මාර්ග, ප්‍රතිපත්ති, කි්‍රයා , තාක්ෂණය මෙන්ම නව අදහස්ද මොබිටෙල් ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් උත්ප්‍රේරක සපයා දුන්නා. ඒ අනුව මොබිටෙල් ආයතනය තවත් ඉදිරියට ගෙන යන්නයි අපි අපේක්ෂා කළේ. ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කිරීමේ අපේක්ෂාව ඇතිව රජය ළගාකරගැනීමට අපේක්ෂා කරන වේගවත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් බවට පත්කරගන්නට සහය පළ කරමින් › ලංකාවේ තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියකට මුලපිරීමට ජාතික ජංගම දුරකථන ජාලය ලෙසින් මොබිටෙල් ආයතනයට භාරදූර වගකීමක් පැවරී තිඛෙනවා.‘
Recommended Articles