මොල්ලිගොඩ පංච කර්ම ප්‍රතිකාර රෝහලක්


මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාව සඳහා පංචකර්ම ආයුර්වේද රෝහලක් සිකුරාදා (08) විවෘත කැරිණි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය හා  දේශීය වෛද්‍ය අංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිවූ මෙම රෝහලෙන් ඉතා අඩු  මිලට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැක.

ලංකාවේ පළමුවරට ඉදි කැරුණු ගුණාත්මක  හා පහසුකම් සහිත මෙම රෝහල පළ පුරුදු වෛද්‍යවරුන්ගෙන් ද සමන්විත වෙයි.

දිනකට බාහිර රෝගී අංශයෙන් රෝගීන් 30 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා ගත හැකි අතර එකවර 12 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැක.

board building doc doc-plce recip