මෝටර් රථ ආනයනයට රජය පැනවු බදු නිසා වාහන ආනයනය අඩුවෙලා


(ශිරාන් රණසිංහ) 

කුඩා  මෝටර් රථ  ආනයනයට අදාලව රජය පැනවු  බද්ද නිසා  රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි  වාහන ආනයනකරුවෝ පවසති.

එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ පසුගිය කාලයේ විශාල ලෙස  අලෙවි වු අතර විදේශ විනිමය විශාල ලෙස පිටරටට ඇදී ගියේය.

ඒ නිසා වාහන ආනයනය සීමා  දැමීම වෙනුවට බද්ද වැඩි කිරීම හරහා රජය සිය අරමුණු කරා ළඟා වුවද වාහන ආනයනය කර විකිණිමේ ව්‍යාපාරය මේ වන විට සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.