යාපනය නගර මධ්‍යයේ ඉදි කළ ‘ජෙට්වින් ජැෆ්නා හෝටලය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (03) විවෘත කළේය.
එහි කාමර 55කි.
සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු සහ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ එන් යූ ජයවර්ධන මහතාට අයත්ව තිබූ ඉඩමක හෝටලය ඉදි කර ඇත.
අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්ම මහත්මීහු ද, ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ ද ඊට සහභාගී වූහ.