කතරගම ප‍්‍රදේශයේ ජිප් රථ හිමියන් එක්ව නව සෆාරි ජිප් රථ සංගමයක් පිහිටුවා තිබේ.
කතරගමට පැමිණෙන සංචාරකයින්ට අඩු දුරකින් කටගමුව ඔස්සේ යාල සිරි නැරඹිමට ඉඩ අවස්ථාව උදාකර දෙමින් සේවාවක් ඉටු කිරීමට ජිප් රථ හිමියන් 85 දෙනකුගේ සහභාගිත්වයෙන් කදිරපුර සෆාරි ජිප් රථ සංගමය පිහිට වු බව එහි සභාපති ඒ බී දමිත් නිස්සංක මහතා කියයි.
අඩු මුදලකට කෙටි දුරකින් යාලට සංචාරකයින් රැගෙන ගොස් වන සතුන් පෙන්වීම පිණිස වැඩි කාලයක් සංචාරකයින්ට ලබාදීමටත් පරිසරයට හා වන සතුන්ට අවහිරයකින් තොරව සංචාරකයන්ට යාල නැරඹිමට ඉඩ අවස්ථාව සලසන බවත් එහි ලේකම් වසන්ත සුරනිමල මහතා පවසයි.