රජයේ නිලධාරීන්ට යළිත් ඩියුටි ෆ්‍රී කාර්


රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට මෝටර් රථ ගෙන්වීමේ ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය කියයි.

ඒ අනුව සහනදායී මිලට මෝටර් රථ ගෙන්වීමේදී උපරිම මිල ඩොලර් 30000ට (රුපියල් 43,47517) සීමා කර ඇති අතර එයට 50%ක බදු සහනයක් ලබාදී ඇත.

රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, නීතිඥවරුනට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආදී පිරිසට වසර 6ක සේවා කාලයකින් පසු මේ සඳහා පහසුකම් හිමිවේ.

එසේ පහසු මිලට මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත් දෙකක් හිමිවන අතර එක් බලපත්‍රයක් ලබාගෙන වසර 10කට පසු අනෙක් බලපත්‍රය ලබාගැනීමට හැකියාව ඇත.

මේ සඳහා නිකුත් කළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියනේ ලබාගත හැකි බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.