ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අධිකාරියක් පිහිටුවන්නැයි තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා (එට්කා) ගිවිසුම අස්සන් කිරීමේදී අවධානය යොමුකළ යුතු කරුණු හතක් ගැන කියමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.
ලෝක වෙළෙද සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගැට්ස් සම්මුතිය ද දේශීය වෘත්තිකයන්ට අවාසිසහගත යැයි කියන එම සංගමයේ සභාපති කපිල පෙරේරා මහතා අවධාරණය කරන්නේ එට්කා ගිවිසුම අස්සන් කිරීමට පෙර එහි වාසි අවාසි ගැන පුළුල් කතිකාවක් ආරම්භ කළ යුතු බවයි.