ලන්ඩනයේ ජර්මන් බැංකුව හා ජපානයේ ටොකියෝ මිට්සුබිෂී බැංකුව ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්හි පාලම් 537 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ හා නැවත ගොඩනැගීමේ කටයුතු සදහා ඩොලර් ලක්ෂ 1620 ක (රුපියල් ලක්ෂ 213840) ණය පහසුකම් සළසා දී තිබේ.
ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි වෙසෙන ජනතාවටත් රටේ සංවර්ධනය අත්විදිය හැකි වනු ඇති බවත් ඊට සක්‍රිය ලෙස දායක විය හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
වතුකරය හා දුෂ්කර පළාත්හි පිහිටි ගම්මාන ඉලක්ක කරගෙන මෙය ක්‍රියාත්මක වේ.
ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.