(නිමල කොඩිතුවක්කු)
විදේශ ගත ශ‍්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදලින් 1% බද්දක් අය කිරීමට මෙවර අයවැයෙන් රජය සැලසුම් කිරීම ඇතුළු ගැටලූ සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂණ සුබවික‍්‍රම මහතා අද (7) පැවසීය.
ලක්ෂ 30 ක් පමණ වන විදෙස් ගත ශ‍්‍රමිකයන් රුපියල් ටි‍්‍රලියනයකට අධික මුදලක් මෙරටට මාසිකව එවන බවත් ඔවුන්ගේ ගැටලූ වලට කිසිදු විසඳුමක් ලබා නොදෙමින් රජය අසාධාරණ ලෙස බදු අය කිරීමක් පමණක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
තානාපති සේවාව මගින්ද විදෙස්ගත ශ‍්‍රමිකයන්ට කිසිදු සේවාවක් නොවන බවත් ආණ්ඩුමාරුවන ප‍්‍රතිපත්තියක් වෙනුවට ස්ථිර ප‍්‍රතිපත්තියක් රජය විසින් විදේශගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සිදුකළ යුතු බවද සුබවික‍්‍රම මහතා පැවසීය.