රනෙල් විජේසිංහ විනිමය කොමිසමේ සභාපති පුටුවට


මාස කිහිපයක් හිස්ව පැවැති ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිධුරයට රනෙල් විජේසිංහ මහතා පත් කරනු ලැබ සිටී.
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.  රනෙල් විජේසිංහ මහතා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. 
 
චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර, ජයන්ත ප්‍රනාන්දු, අර්ජුන හේරත්, රජීව් අමරසූරිය සහ මංජුල හිරන්‍ය ද සිල්වා යන අය ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ලෙස පත්වීම් ලැබ සිටිති. 
 
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිධුරය ජනවාරි 25 වැනිදා සටි පුරප්පාඩුව පැවැතුණි. 
 
055