රවි තානාපති හමුවේ


මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ශී‍්‍රලංකාවේ ඉන්දියා හා චීන මහකොමසාරිස්වරුන් හමුවිය.        

ඉන්දියා මහකොමසාරිස් වයි.කේ සිංහ හා චීන මහකොමසාරිස් වූ ජියැන්හෝ මහතා වෙන් වෙන්ව හමුවූ නව ආර්ථික අමාත්‍යවරයා නව රජයේ ඉදිරි සැළසුම් සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කළේය.

ද්විපාර්ශවික සබදතා ඇති කර ගැනීමට හා පවතින ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන්ද ඇමතිවරයා තානාපතිවරුන් දෙපළ සමග සාකච්ඡා කළේය.