රවී ලෝක බැංකු සමුළුවට


පීරු රාජ්‍යෙය් - ලීමා අගනුවර පැවැත්වෙන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ටෝකියෝ අගනුවර සිට ලීමා නගරය දක්වා පිටත්ව ගියේය.

ජාත්‍යන්තර මූල්‍ය රමුදලේ සභාපති ලාන්ට් ග්‍රාන්ට් මහත්මියගේ සහ ලෝක බැංකු සභාපතිගේ ප්‍රධානත්වයෙන් ලීමා අගනුවර දී බ්‍රහස්පතින්දා (08) ආරම්භ වන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව ලබන 11 වැනි දා තෙක් පැවැත්වෙයි.