රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා සොයා ගැනීම පහසු කිරීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම සංවිධානය කරන “විරැකියාවෙන් - රැකියාවකට” රැකියා පොළ සිව් වැනි අදියර නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක 32/7 දරණ ස්ථානයේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයයේදී පැවැත්විණි.
පෞද්ගලික අංශයේ හෝටල්, පාසල්, රෝහල්, කර්මාන්තශාලා, මූල්‍ය ආයතන ඇතුලු පනහකට අධික සංඛ්‍යාවක පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සෘජු සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විණ.
පන්දහකට අධික තරුණ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එදින දවස පුරා පැවැත්විණි.