‘ඔබට හොඳ රැකියාවක් - රටට සුබ නව යුගයක්‘ මැයෙන් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ පවත්වන රැකියා පොළ සිව්වන වරටත් 22 වැනිදා උදේ 8 - 1දක්වා නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක 32/7 දරණ ස්ථානයේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික් පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය සමාගම්, කර්මාන්ත ශාලා, පෞද්ගලික පාසල්, රෝහල්, හෝටල් සහ සංචාරක ආයතන ප්‍රචාරණ ආයතන ඇතුළු ආයතන රැසක පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙහිදී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.