රුපියල ස්ථාවර වන ලකුණු


ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 132කට ස්ථාවර අගයකට පත්වෙතියි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග කියයි. ශ්‍රී ලංකා රුපියල ඊට වඩා වැඩි අගයක රඳවා ගැනීමේ බලාපොරොත්තුව අතහැර දැමූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත. මහා බැංකුව පසුගිය පෙබරවාරි මුල සිට රුපියල පාවීමට හැරියේය. ඒ සමගම ක‍්‍රමයෙන් ඉහළ ගිය රුපියලේ අගය, ඛනිජ තෙල් ආනයනයේදී දැරීමට සිදුවන පිරිවැයෙහි වෙනසක් සිදු නොවුණහොත් මෙම ස්ථාවර අගයෙහිම රැදී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.