සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තවත් භාණ්ඩ තුන් දහසක පමණ රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.
රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරනවා.අප කලින් භාණ්ඩ 1200ක වරාය , ගුවන්තොටුපළ බඳු අහෝසි කළා. අපි වක්‍ර බඳු සියයට 60කට අඩු කළ යුතුයි.සෘජු බඳු වැඩි කළ යුතුයි. මේවා කරද්දී ඉහළ තැන්වලින් නොයෙකුත් සද්ද එන්න පුළුවන්.අපි අඩු පොලියට බිලියන 14ක ණය දුන්නා.තවත් බිලියන 20ක ණය දීමට බලාපොරොත්තු වෙනවා.