ලංකවේ මාළු නිෂ්පාදනයට යුරෝපා දොර වහයි


ලංකාවෙන් යුරෝපයට ආනයන කරන නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා සංගමය නිවේදනය කරයි.

ලංකා ධජය සහිත යාත්‍රාවලින් අල්ලන මත්ස්‍යයනයන් හා ඒ ආ›ත නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳ පොළට ගෙන ඒම මාස තුනකට පසුව තහනම් කරන බව එම සංවිධානය කියයි.

 ලංකාව ජාත්‍යන්තර නීතිවලට පටහැනිව කටයුතු කරන බවත්,  නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වෙන බවත් ඉදිරියේදි එම නීතිවලට හා ප්‍රමීතියට  අනුකූලව කටයුතු නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට යුරෝපා සංගමය 2012 වසරේ නොවැම්බර් මාසයේදී › ලංකාව අනතුරු ඇඟවිය.

ලංකාව එම නීති ආරක්ෂා කර නැති බවත් තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් දරුණු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් යුරෝපා සංගමයේ සමුද්රර කටයුතු හා ධීවර කටයුතු පිළිබඳ මහ කොමසාරිස් මාරියා ඩමනකි සඳහන් කර ඇත.

සිටින තැන සොයා ගැනීමේ ජී පී එස් තාක්ෂණය නොමැති විශාල යාත්රාර ඉන්දීය සාගරයට මුදා හරින බවත් එය ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් ඇය පෙන්වාදෙයි.

ලංකාව යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයන දෙවන විශාලම රට වන අතර මෙලෙස › ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීම කණගාටුව කරුණක් යැයිද ඇය කියන්නීය.

ලංකාව 2013 වසරේදී පමණක් යුරෝපා සංගමයට මත්ස්යර නිෂ්පාදන අපනයනය කිරීමෙන් යූරෝ මිලියන 74 ක් උපයා ගත්තේය.