ලංකා බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට


ලොව ප්‍රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කියයි.

ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙසද එම සඟරාව හඳුන්වයි. 2015 ආසියාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව ලංකා බැංකුව හැඳින්වීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පිටපිටම අට වතාවක් ලංකා බැංකුව රන් සම්මානයෙන් පුද ලැබීය.

මේ වසරේදී ලංකා බැංකුව දෙවැනි ට්‍රිලියන තැන්පතුවද හිමිකර ගත්තේය. ට්‍රිලියනය යනු ලක්ෂ කෝටියකි. (10000000000000)