ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත්


ඉරාක විදේශ අමාත්‍යංශයේ ද්විපාර්ශික සබඳතා ලේකම් නසාර් කෙරල්ලා හා ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල බැග්ඩෑඩ් නුවර දී දෙරට අතර ද්විපර්ශික සබඳතා ප්‍රවර්ධන රැස්වීමකට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ඉරාකයේ ස්ථිර වෙළෙඳ පොළක් ඇති කිරීමටත් දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරීමටත් දෙපර්ශ්වයම එකඟ වූ බව ඉරාක ප්‍රවෘත්ති සේවය කියයි.