ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.
ආසියා සංවර්ධන බැංකුවෙන් ලබාගැනෙන ආධාර මුදල ශී්‍රලංකා ශ්‍රමිකයින්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සදහා යෙදවීමට නියමිතය.තත්කාලීන ලෝකයට ගැලපෙන දක්ෂ ශ්‍රමිකයින් සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාවට 2020 වසර වන විට ලෝක වෙළදපොලේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මෙමගින් රජය බලාපොරොත්තු වේ.
ලෝක බැංකුවෙන් ලබා ගැනෙන ආධාර මුදල යෙදවෙනු ඇත්තේ ලෝක කාලගුණ විපර්යාස වලට ශ්‍රී ලංකාවට සාර්ථකව මුහුණ දීමට හැකි වන සේ කටයුතු සම්පාදනය කිරීමට බව සදහන්ය.