ලංකාවට තව කිට්ටුවෙන්න පුටින් කැමැත්තෙන්


රුසියාව ශ්‍රී ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමටත්, දැනට පවතින සබඳතා තර කර ගැනීමටත් බලාපොරොත්තුවෙන් සිටින බව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභ පැතුම් එක්කරමින් රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් පවසයි.

විවිධ ක්ෂේත්‍ර වල සබදතා ඇති කර ගැනීමට රුසියාව කැමැත්තෙන් සිටින බව සඳහන් කර ඇති ඔහු දෙරට අතර සබඳතා කලාපයේ ආරක්ෂාව හා යහපැවැත්ම සදහාද වැදගත්වන බව පෙන්වා දී ඇත.

මේ කටයුතු සම්බන්ධව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි රුසියාව අපේක්ෂාවෙන් සිටින බව ඔහු පවසා තිබේ.