ශී‍්‍ර ලංකාවටත් මොනෝ රේල් ප‍්‍රවාහන සේවය හඳුන්වාදීමට නියමිත බව පාර්ලිමෙන්තුවේදී පැවසිණි.
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර අඛිල විරාජ් මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේ මොනෝ රේල් පද්ධති 4 ක් හඳුන්වාදීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (ජයිකා) හා එක්ව සැළසුම් සකස් කෙරෙමින් තිබෙන බවයි.
මින් එක් මාර්ගයක් හයිලෙවල් මාර්ගයට සමාන්තරව දිවෙනු ඇති බවද කියැවුනි.
2015 සිට 2035 අතර කාලයේ අදියර කිහිපයකින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට නියමිත බව ප‍්‍රවාහන අමාත්‍යවරයා පැවසීය. කළුතර,වේයන්ගොඩ,මීගමුව ආදී ප‍්‍රදේශයන්ගේ සිට මරදාන හා කොළඹ දක්වා දිවෙන දුම්රිය මාර්ගයන්ද නවීකරණය කිරීම සදහා ඉදිරියේදී ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කරන බව සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට ගුවන්පාලම් ඉදිකිරීම්,මාර්ග සංඥා පුවරු නවීකරණය කිරීම් ආදියද සැළසුම් කර ඇත.
ගෑස් වලින් ධාවනය වන මෝටර් රථ,දෙමුහුම් මෝටර් රථ (හයිබි‍්‍රඩ්) , විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ආදිය ප‍්‍රවර්ධනය කිරීමත්, ඇවිදීමෙන්, පාපැදි භාවිතයෙන් ලබා ගත හැකි සෞඛ්‍යමය ප‍්‍රතිලාභයන් පෙන්වාදී ඒවා ජනතාව අතර ජනපි‍්‍රය කරවීමත්,අඩු සල්ෆර් ප‍්‍රතිශතයකින් යුතු ඞීසල් ඉන්ධයනයන් ප‍්‍රවර්ධනය කරවීමත් ආදී ලෙස කොළඹ නගරයේ ප‍්‍රවාහන සේවයට පරිසර හිතකාමී මුහුණුවරක් ගෙනදීමටද කි‍්‍රයාමාර්ගයන් ගැනෙනු ඇත.