ලංකාවෙන් මුරුසි රාජ්‍යයට ධීවර බෝට්ටු


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ධීවර හා ගිලන් සේවා බෝට්ටු මිලදී ගැනීමට මුරුසි රාජ්‍යය එකඟත්වය පළ කර තිබේ.

සී නෝර් පදනම නිෂ්පාදනය කරන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මුරුසි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙන අතර එරටට අවශ්‍ය බහුදින යාත්‍රා සඳහා වන ගිවිසුමට කඩිනමින් අත්සන් තැබීමට නියමිත යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉකුත් දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මුරුසි රාජ්‍යයේ සාගර කටයුතු අමාත්‍ය ප්‍රෙම්ඩුත් කුන්ජු මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර තිබේ.

මාසයක කාලයක් ඇතුළත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත අඩි 55ට වඩා විශාල ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීමට සී නෝර් පදනමට හැකි යැයි ද  අමරවීර මහතා කුන්ජු මහතා සමග පැවැති සාකච්ඡාවලදී පවසා තිබේ.