හර්ෂණ තුෂාර සිල්වා
කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළ ධනවාදී ආර්ථික ක්‍රමවේදයක් නොපැවැති බවත් පැවැතුණේ ආධිරාජ්‍යාවාදී ආර්ථික ක්‍රමයක් බවත් ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් පර්යේෂක විනෝද් මුණසිංහ මහතා පැවැසීය.
විවෘත ආර්ථික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ දී සාර්ථක වූයේ ද යන මැයෙන කොළඹ නිපෝන් හෝටලයේ පැවැති ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් විනෝද් මුණසිංහ මහතා එම අදහස් පළ කළේය. .
ධනවාදී ආර්ථික ක්‍රමයක් කිසිදු අවස්ථාවකදී හෝ දැනට හෝ නොපවතින බව කී විනෝද් මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පවතින්නේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු නොකරන සියල්ල උකහා ගන්නා වාණිජවාදී ආර්ථික ක්‍රමවේදයක් යැයි ද කීවේය.
විවෘත ආර්ථික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ සාර්ථක වූයේ ද යන්න සම්බන්ධයෙන් සැසියේදී අදහස් දැක්වූ රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂක චානුක වත්තේගම මහතා විවෘත ආර්ථික ක්‍රමවේදය සාර්ථක වූයේද යන්න සම්බන්ධයෙන් ඔව් සහ නැහැ යන පිළිතුරු දෙකම දිය හැකි බව කීවේය.
එක් අතකින් සාර්කත්වයක් පෙන්නුම් කරද්දි විවෘත ආර්ථික ක්‍රමවේදය තවත් පැතිකඩවලින් අසාර්ථක වී ඇතැයි ද වත්තේගම මහතා කීය.
ලංකාව තුළ විවෘත ආර්ථික ක්‍රමවේදයක් ආරම්භ වුවද මිනිසුන්ගේ විවෘත නොවූ බව කී ජනමාධ්‍යවේදියකු සහ බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා ඉදිරියේදීද ආර්ථිකය විවෘත විය යුතු බව කීය. එසේ වුවත් රාජ්‍ය නියාමනයක් යටතේ ආර්ථිකය නිදහස් විය යුතු බව ද හෙතෙම කීය.
ලංකාවේ තිබුණේ ධනවාදී ආර්ථිකයක් නොවේ
Recommended Articles