විදෙස් ආයෝජන සමාගම් මෙරට ආරම්භ කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා විදෙස් කාර්මික ශිල්පීන්ම යොදාගැනීමට ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.
නිපුණතාවයෙන් හෙබි ශිල්පීන්ගේ හිඟය මෙම තත්ත්වයට හේතු වී ඇතැයි කී හෙතෙම මෙය බරපතල තත්ත්වයක් යැයි අවධාරණය කළේය.
ජල නල කාර්මිකයන්, වෑද්දුම් ශිල්පීන්, වඩු කාර්මිකයන් හා මේසන් බාස්වරුන් සඳහා මෙම හිඟය තදින්ම බලපා ඇතැයි ද පෞද්ගලික සමාගම් සමඟ එක්ව නවීන පුහුණුවක් ලබාදීමෙන් මෙම අභියෝගය ජයගැනීමට සැලසුම් සකස් කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.