ලංකාවේ ශ්‍රමිකයෝ ආසියාවේ අංක එකට


ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ඇරැඹීම සදහා ඩොලර් ලක්ෂ 1015 ක (රුපියල් ලක්ෂ 132965) ආධාර ප්‍රධානය කිරීමට ලෝක බැංකුව සැරසේ.

දකුණු ආසියාවේ රටවල ශ්‍රමිකයන් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්    අධ්‍යාපනයෙන් හා හැකියාවන්ගෙන් ඉහළ මට්ටමක සිටින බව ලෝක බැංකුව හදුනාගෙන තිබේ.

සංඛ්‍යාලේඛන   අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 96 ක් ප්‍රාථීමික අධ්‍යාපනය ලැබ අවසන් කරන අතර සියයට 87 ක් ද්විතියීක අධ්‍යාපනයද ලබන්නෝය.

හොඳින් අධ්‍යාපනය ලැබුවද ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවෙන් බහුතරය රැකියා විරහිතව හෝ තම සුදුසුකම් වලට නොගැලපෙන රැකියාවල හෝ නිරතව සිටින බවත් මේ තත්ත්වය දුරලීමට ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය කරවා රැකියා වෙළදපොලේ අවශ්‍යතා අනුව ඔවුන් හැඩගැස්වීම සිදුකළ යුතු බවත් ලෝක බැංකුවේ අදහසයි.

රජයේ වත්මන් වැඩපිළිවෙළද ලෝක බැංකුවේ අගය කිරීමට ලක්ව තිබේ.2000 වසරේ සියයට 9 ක් ව තිබූ විරැකියාව 2012 වසර වන විටදී සියයට 4 ක් දක්වා පහත හෙළීමට රජය සමත්වී තිබීම සම්බන්ධයෙන් ලෝක බැංකුව ප්‍රසාදය පළ කර සිටී.

සපයනු ලබන මුදල් ආධාර රජයේ වැඩපිළිවෙල හා එකාබද්ධ කර ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම ලෝක බැංකුවේ අපේක්ෂාවයි.