(නිමල කොඩිතුවක්කු සහ ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
සංචාරක කර්මාන්තය ප‍්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වූ ජාතික විෂය නිර්දේශය එළිදැක්වීම සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප‍්‍රදානත්වයෙන් කොළඹදී අද (29) සිදුකෙරිණි.
ශ‍්‍රි ලංකා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිමේ ජාතික සැලැස්මෙහි තවත් අදියරක් ලෙස මෙය ක‍්‍රියාත්මක බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ත‍්‍රාස්‍යජනක සංචාරක කර්මාන්තය ප‍්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
ඒ අනුව පැඩ්ලින් බෝට්ටු, ට‍්‍රැකින් ගයිඩ්, ග‍්‍රවුන්ඩ් කොන්ට්‍රෝල් ඒජන්ට්, පැරෂුට් රිගර් ආදී ක්ෂේත‍්‍ර සදහා ජාතික විෂය නිර්දේෂයන් ලබාදිම මේ යටතේ සිදුකෙරේ.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය, විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
එහිදි අදහස් දක්වමින් සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කලේ තරු පහේ හෝටල් සහ සුපිරි පැලැන්තියට සීමා නොවී ග‍්‍රාමීය ජනතාව දක්වා සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිලාභ හිමිකරදිම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි.
ආදායම් වැඩිකිරිම සහ රැකියා අවස්ථා වැඩි කිරිමේ අරමුණින් සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය උදෙසා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී සුජිත් පෙරේරා, අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.