ලක් - පකිස්තාන ආර්ථික සබඳතා තර වන ලකුණු


පකිස්තානය හා ශී‍්‍ර ලංකාව අතර පවතින වෙළද හා ආර්ථික සබඳතා තවදුරටත් තරකර ගැනීම පකිස්තානයේ අපේක්ෂාව බව එරට අගමැති නවාස් ෂරීෆ් පසුගියදා පැවසීය.

එසේ සබඳතා තර කර ගැනීමෙන් ශී‍්‍ර ලංකාවේ මෙන්ම පකිස්තාන ජනතාවටද වාසි සැළසෙන බව ඔහු පෙන්වා දුන්නේය.

අගමැතිවරයා ශී‍්‍ර ලංකාවේ පකිස්තාන තානාපති ලෙස පත්වූ මේජර් ජනරාල් ශකීල් හුසේන් හා විශේෂ හමුවකදී එසේ පැවසීය.