ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළඳ සබඳතා වල වටිනාකම 2007 වසරේ සිට මේ දක්වා ගෙවී ඇති වසර 7 කාලයේදී සියයට 178 කින් වර්ධනයව තිබේ.
ඊශ්‍රායෙල - ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබදතා වල වත්මන් තත්ත්වය පිළිඹද දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා පැවැති අතර එහිදී මේ බව හෙළි විය.
ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති සරත් විජේසිංහ මහතා හා පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායෙලය බලා ගිය වෙළද දූත පිරිසේ සාමාජිකයෝ හමුවට සහභාගීව සිටියහ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළද ගනුදෙනු වල වටිනාකම ඩොලර් ලක්ෂ 1756.3 ක් (රුපියල් කෝටි 2318.31) බව මෙහිදී පැවැසින.එය 2012 වසරට වඩා සියයට 11 ක වැඩිවීමකි.
දෙරට අතර ගනුදෙනු වලින් වැඩි වාසිය සැළසී ඇත්තේ ශ්‍රී ලංකාවට බවද සඳහන් කෙරුණි.
ඊශ්‍රායෙලයේ සිට මෙරටට ගෙන්වනු ලබන දියමන්ති මෙරට දක්ෂ ශිල්පීන් ලවා කපා ඔප මට්ටම් කර නැවත ඊශ්‍රායෙලය වෙතම අපනයනය කිරීමේ වෙළද ගිවිසුමෙන් ශ්‍රී ලංකාව අධික ලාභයක් උපයා ගන්නා බවත් සාමාන්‍යයෙන් මෙම දියමන්ති ආනයන හා අපනයන ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව වසරකට උපයා ගන්නා මුදල ඩොලර් ලක්ෂ 500 ඉක්මවන බවත් පැවැසිණි.