ලෝක කාන්තා නායකත්ව සම්මේලනය සංවිධානය කළ ලෝක කාන්තා නායකත්ව සම්මාන උත්සවයේදී (2016) ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ඩිලිජන්ට් සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි රණවීර මහත්මියට සම්මානයක් හිමිවිය. ඇයට එම සම්මානය හිමි වුයේ ව්‍යාපාර අංශයෙන් දක්වා තිබෙන දස්කම් සලකා බැලීමෙනි.
ඉන්දියාවේ මුම්බායි නගරයේ ටාජ් ලෑන්ඞ්ස් එන්ඞ්ස් හෝටලයේ පැවැති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට රටවල් 20 කින් පමණ විවිධ ක්ෂේත‍්‍රයන්ගේ ඉහළ තනතුරු දරන කාන්තාවෝ රැසක් සහභාගිවුහ.
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි සරසවියේ ව්‍යාපාර පරිපාලනය පිළිබ`ද උපාධිධාරිණියක වන නිශානි ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේද, වෘත්තීය මුල්‍ය කළමනාකරුවන්ගේ සංගමයේද, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරවරුන්ගේ සංගමයේද ක‍්‍රියාකාරී සාමාජිකාවකි.