ලක් ව්‍යාපාරිකයා ලංකාව ලොවට පෙන්වයි


තායිලන්තයේ බැංකොක් නුවර  ක්වීන් සිරිකිට් ජාත්‍යන්තර  ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති  17 වැනි තායිලන්ත ජාත්‍යන්තර  සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රි ලාංකික ව්‍යපාරිකයෙක්  ශ්‍රි ලංකාව නියෝජනය කළේය. තායිලන්තයේ  සංචාරක ඒජන්සියක් වන සීමාසහිත සවාරි ඉන්ටනැෂනල් සමාගමට ඒ අවස්ථාව ලැබිණී.

ලොව සංචාරක ව්‍යාපාරයට ඉතා ප්‍රසිද්ධ තායිලන්තයේ සංචාරක අවධානය දිනා  ගැනීම සඳහා  ලොව රටවල් විශාල සංඛ්‍යාවක් සමඟ  විවිධ රටවල සංචාරක සමාගම්  දෙදහසකට ආසන්න  සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට  එක්විය.

සීමාසහිත සවාරි ඉන්ටනැෂනල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නාලක නිරෝෂන් කරුණාකළගේ තම සමාගම  අරඹා මෙම ජාත්‍යන්තර  ප්‍රදර්ශනය නියෝජනය කළේය. තම  රටවල සංචාරක කටයුතු  ප්‍රවර්ධනය කොට සංචාරකයන් ආකර්ෂණය කර  ගැනීමට  මෙම ප්‍රදර්ශනයේ දී  අවස්ථාව ලැබේ.

මෙවැනි  ජාත්‍යන්තර  ප්‍රදර්ශනයකට  වෙළඳ කුටියක් ලබා ගැනීම සඳහා විශාල ආයෝජනයක්  සිදු කළ යුතු අතර  මේ සඳහා  ලබාගත් වෙළඳ කෘතියට තම පෞද්ගලික  මුදලින් රුපියල් ලක්ෂ දහයකට  ආසන්න මුදලක්  ගෙවීමට  කරුණාකළගේ  මහතාට  සිදුව තිබේ.

වාර්ෂිකව ඔහුගේ ව්‍යාපාරික ආයතනය මෙවැනි ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශන තුනකදීම ශ්‍රි ලංකාව නියෝජනය කිරිම ද විශේෂ කරුණකි.

වසර 15 කට ආසන්න  කාලයක්  තායිලන්තයේ බැංකොක්  නුවර  පදිංචිව සිටිමින් තම සංචාරක ව්‍යාපාරික  කටයුතු පවත්වාගෙන යන ඔහු  මෙරටින්  එරටට සංචාරය සඳහා  යන ශ්‍රි ලාංකිකයින්ට  සේවා  සපයන්නාසේම තායිලන්තයේ සිට විශාල තායි ජාතිකයින්  පිරිසක්  ශ්‍රි ලංකාවේ  සංචාරය සඳහා  වාර්ෂිකව රැගෙන  එන ව්‍යාපාරිකයෙකි. ඔහුගේ  සංචාරක ප්‍රවර්ධන කාර්යාලයක්  ශ්‍රි ලංකාවේ ද පිහිටුවා  තිබෙන අතර එරට  එවැනි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකම ශ්‍රි ලාංකිකයා ද කරුණාකළගේ මහතා වේ.

ශ්‍රි ලංකා  සංචාරක කුටිය නැරඹීම සඳහා  කරුණාකළගේ මහතාගේ ආරාධනයෙන් තායිලන්තයේ නව ශ්‍රි ලංකා  තානාපතිනිය වන ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය  සමඟ ශ්‍රි ලංකන් එයාර්ලයින් දේශිය කළමණාකරු ජයන්ත  අබේසිංහ මහතා පැමිණියහ. කරුණාකළගේ මහතා  තායිලන්ත  ව්‍යාපාරික සහකරු ලෙස පිපුටි වොන් ඉන්  මහතා  කටයුතු කරයි.

1_(1)[1] 4[1] 11855872_10152939065652385_6808997121417134205_n[1]