සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින් ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය.
සෞදි අරාබියේ එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ රැසක් ඊට සහාය දැක්වුහ.
දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ පළමු වැනි කර්මාන්තපුරයේ ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් හිමිකරු රොෂාන් තවුපික් ,මොහොමඩ් ජබුරුල්ලා, බංගලාදේශ් විදුහලේ උප විදුහල්පති මොහොමඩ් නවුෆර් ,මකින් මවුලවි,නිසාර් එම් ඉස්මයිල්,දයා කහඳවල,කුමාර් සුරේස්,ඉමිටියාර් උවෙස් යුසුප් ලෙබ්බේ මොහොමඩ් ඉක්රාම් මහත්වරුද එහි ක්‍රියාකාරීහුය.