දකුණු එංගලන්ත ප්‍රදේශයේ ශ්‍රී ලාංකීය නිශ්පාදන අලෙවියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන සිටින සවුත්හැම්ටන්හි පිහිටි ඩී.වී සොලූෂන් ආයතනය අසිරිමත් බොදු තෙමඟුල සිහිකිරීම සදහා දෙවැනි වරටත් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සැල පසුගියදා එම වෙළදසල ඉදිරිපිටදී පැවැත්විණි. බොදු සිරිතේ ඇති දන් දීමේ ගුණාංගය ගැන දන්සැලට පැමිණි සෑමදෙනාගේම ප්‍රසාදය පළ විය. බොහෝ දෙනෙක් වෙසක් උත්සවය සහ ඒ සමග බැඳුණු වත් පිළිවෙත් ගැන දන්සල සංවිධායකයන්ගෙන් බොහෝ කරුණු විමසා දැනගත්හ.